ගාල්ලට මිලිමීටර් 200ක තද වැසි


(අමල් වික්‍රමරත්න)
 

අද (05) අලුයම සිට උදැසන 6.00 දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ,යටලමත්ත ප්‍රදේශවලට මි.මි.180 සිට 200 දක්වා වර්ෂාපතනයක් ලැබී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි.

මෙම හේතුවෙන් නාගොඩ,බද්දේගම,ගින්තොට  ආශ්‍රිතව ගිංගගේ ජලමට්ටම  සුළු වශයෙන් ඉහළයාමක් දක්නට ඇතැයි ද ඒ මහතා පවසයි.

ඉකුත් පැය 06ක් තුළ ගාල්ල නගරය ආශ්‍රිතව මි.මි.60 ක්,නෙළුව ප්‍රදේශයට මි.මි.65ක්,බද්දේගම ප්‍රදේශයට මි.මි.78.8.ලැබී තිබු බව වර්ශාමානවල සටහන් වූ බවත් ඒ මහතා කීය.

පවතින වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළ අඛණ්ඩව පැවතුනහොත් බද්දේගම ,නාගොඩ කුරුපනාව,ඇතුළු ප්‍රදේශවලට හා ගිංගඟ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව ගාල්ල ගිං ගිංගඟ භාර වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පවසයි.