(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයේ දී අයුතු ජනරාශීයක සාමාජිකයන් වී පුද්ගලයකුට කැත්තෙන් කොටා තුවාල සිදු කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ උප සභාපති සහ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක සමීර සේනානායක ලබන 13 දක්වා රිමාන්ඩ් කිරිමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (11) නියම කළාය.
ඉකුත් 30 වැනි දා දු වු එම ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු අධිකරණය විසින් රිමාන්ඩ් බාරයේ ගත කැරිණි.

