කොමදෝරු දසනායකගේ ඇප පෙත්සම කල් යයි


තිළිණි ද සිල්වා  

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන් ඇප මත නිදහස් කරන්නැයි ඉල්ලා නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක සහ නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී.දසනායක මහතා ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් සය දෙනෙකු ගොනු කළ ප්‍රතිශෝධන ඇප ඇයදුම් පත් ලබන මස 26 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය   (25) තීන්දු කළේය.

 2008 වසරේදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය භූගත නාවික හමුදා කඳවුරේ රඳවා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන් දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිඛෙන බව එම පෙත්සම් වල සඳහන් වේ.