(උපාලි ආනන්ද)
අධිකරණ නියෝග කඩ කරමින් රජයේ ප‍්‍රසම්පාදන නියමයන් ද උල්ලංගණය කරමින් නීති විරෝධීව ලබාදී ඇති රුපියල් ලක්ෂ එක් දහස් හත්සියක් වටිනා කොන්ත‍්‍රාත් වහාම අත් හිටුවන ලෙස ශ‍්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද පළාත් ශාඛාව උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.
එම කොන්ත්රාත් අවලංගු නොකරන්නේ නම් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මෙම දූෂිත ක‍්‍රියාවට සම්බන්ධ සියල්ලන්ට එරෙහිව අධිකරණ ක‍්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බවද එහි සභාපති ජී බී ලෝහිතරත්න මහතා දැනුම් දී තිබේ.
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ බලන සාමාන්‍යාධිකාරි චානක කුලවර්ධන මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී පැවසුවේ කොන්ත‍්‍රාත් පිරිනැමීමේ කාර්ය තමන්ට අයත් නොවන බවත් ඒවා සිදු කරන්නේ පළාත් ප‍්‍රධාන අමාත්‍යංශය සහ ප‍්‍රධාන ලේකම්වරයා බවත්ය.
මේ අතර ශි‍්‍ර ලංකා ජාතික ඉදිකිරීමි සංගමයේ ලේකම් පුබුදු කමල් පෙරේරා මහතාද මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්වරයාට වෙනමම තවත් ලිඛිත පැමිණිල්ලක් යොමු කර තිබේ.
සභාපති ජී බී ලෝහිතරත්න මහතා යැවූ එම ලිපියේ මෙසේද සඳහන් වෙයි.
“2017 වසරේ මුල සිටම සියලූ ටෙන්ඩර් කැදවීමි ජාතික පුවත් පත් මගින් ප‍්‍රසිද්ධ කල අතර ඒවාට අප සාමාජික කොන්ත‍්‍රාත්කරුවන් ඉතා තරගකාරි ලෙස මිල ගණන් ඉදිරිපත් කර කළේය.
පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග හයක් ඇස්තමේන්තු කොට 2017 වසරේ පෙබරවාරි මාසයේ පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයට එවා තිබේ: එහෙත් මෙම මාර්ග ඇස්තමේන්තු පමණක් ප‍්‍රසිද්ධ ජාතික පුවත්පත් මගින් පළ නොකර ඉතා කුඩා ප‍්‍රමාණයේ දැන්වීමක් එක් පුවත්පතක පමණක් පල කෙරිණ. ඊට අමතරව ප‍්‍රධාන අමාත්‍යංශයේ වෙබ් අඩවියට මෙම තොරතුරු ඇතුළත් කර ඇතත් මාර්ග සංවර්ධනයට අදාළ එම තොරතුරු කොන්ත‍්‍රාත්කරුවන්ට ලබා ගැනිමට නොහැකි වන අයුරින් වෙබ් අඩවියේ අදාළ කොටස අවහිර කර තිබු බවද සදහන් කරන අතර එම ක‍්‍රියාව කොන්ත‍්‍රාත්කරුවන් නොමග යැවීමේ අරමුණින් සිදු කරන ලද්දක් බවද සදහන් කරමි
රජයේ ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහයේ 2006 හී 3 වන පරිච්ඡේදයේ ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදයට අනුව ටෙන්ඩර් කැදවීම සිදු කළ යුත්තේ ජාතික තරගකාරි ලංසු කැදවීමකට අනුවය .කොන්ත‍්‍රාත් පිරිනැමීමේ නීතිමය ක‍්‍රමවේදය එසේ තිබියදි ප‍්‍රශ්න ගත මෙම මාර්ග අලූත්වැඩියා කිරීමේ ව්‍යපෘති පිරිනමා ඇත්තේ රජයේ සියලූ ප‍්‍රදසම්පාදන නියමයන් උල්ලඝංනය කරමිනි.
මෙම නීති විරෝධී ක‍්‍රියාව තුළින් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ රීටි 03/16 අංක දරන නඩුවේ තීන්දුවද බරපතල ලෙස කඩ කර ගරු අධිකරණයට අපහාස ඇත.එසේ හෙයින් නීතියට පටහැනි අයුරින් පිරිනමා ඇති මෙම කොන්ත‍්‍රාත් වාහාම අත් හිටුවන ලෙස ඉල්ලා සිටින අතර එසේ එම කොන්ත්රාත් අවලංගු නොකළහොත් අධිකරණ ක‍්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බවද දන්වමි.“

