කොටි තෙල් ගබඩාවක් කිලිනොච්චියෙන් මතු වෙයි


(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය කල්මඩුනගර් ප්‍රදේශයේ පිහිටි කැලෑවක තිබූ යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කළැයි කියන තෙල් ගබඩාවක් සොයාගත් බව ගුවන් හමුදාව කියයි.

කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කරන ලද සෝදිසි කිරීම් වලදී මේ බව සොයාගෙන තිබේ.

වළදමා තිබූ එම ටැංකිය ගොඩට ගත් අතර එය තිබූ ප්‍රදේශය යුද සමයේදී කොටි සංවිධානයේ කඳවුරක්ව පැවති බවටත් එම ටංකියේ ඉන්ධන ලීටර් 30,000ක් පමණ ගබඩා කරගත හැකි බවටත් ගුවන් හමුදාව පවසයි.

යුද සමයේදී කොටි සංවිධානය විසින් උතුරේ ඉන්ධන පිරවුම් හල් වෙතට ගිය තෙල් බවුසර් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් මෙසේ කැලෑවල තිබූ ඔවුන්ට අයත් තෙල් ගබඩාවලට ඉන්ධන පුරවා ගනු ලැබූ බව කියැවේ.

කොටි කඳවුරු පිහිටා තිබූ ස්ථානය අවට ආයුධ වළදමා ඇත්තේද යන්න පිළිබඳ පරික්ෂා කිරීමට පියවර ගන්නා බවද නාවික හමුදාව ප්‍රකාශ කරයි.