(නිමන්ති රණසිංහ)
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට හා මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය.
හිටපු ඇමැතිවරයා තමාට නියමිත දුරකථන බිලට අමතරව දුරකථනය වැඩිපුර භාවිත කිරීම නිසා වැයවූ අමතර මුදල ගෙවන්නැයි රාජ්‍ය මුද්‍රණ සංස්ථාවට නියෝග කර ඇති අතර ඒ හේතුවෙන් ඇමැතිවරයාට ද එම මුදල් රාජ්‍ය මුද්‍රණ සංස්ථාව මගින් ගෙවීමට ආධාර අනුබල දීම මත මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට ද දූෂණය නමැති වරද සිදුකළැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මෙම නඩුව පවරා තිබිණි. මෙම සිද්ධියට අදාළව නඩු 13ක් ගොනු කර ඇත.

