(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගර මධ්‍යයේ කුලී රථ නැවතුම්පොළේ තිබී ඝාතනය කරන ලද තරුණයකුගේ මළසිරුරක් අද (05) අලුයම සොයාගත් බව දඹුල්ල පොලිසිය කියයි.
මෙම තරුණයා පොලුවලින් පහරදී ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයා නිතර නිතර දඹුල්ල නගරයේ රාත්‍රී කාලයේ කාන්තා ඇඳුමින් සැරසී සිටින බව පොලීසිය කියයි. ඝාතනය සිදුවන අවස්ථාවේ දී මෙම තරුණයා කාන්තා ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි බව ද පොලිසිය කියයි.
ඝාතනය සිදු වූ ස්ථානයේ පුද්ගලයාට පහර දුන් බවට සැකකෙරෙන ලී දඬු මෙන්ම මෙම පුද්ගලයාගේ බවට සැකකරන කුඩයක් සහ අත් ඔරලෝසුවක් ද සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඇතැම් දිනවල රාත්‍රී කාලයේ එම තරුණයා මේ ආකාරයෙන් කාන්තා ඇඳුමෙන් සැරසී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා ඉදිරිපත් කර තිබුණු අයකු බවයි.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් මේ වන විටත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.




