කුරුදුගහහැතැක්මේ තැපැල් කාර්යාලයක ගින්නක් - ස්ථානාධිපති මරුට



(සුසිල් ප්‍රියන්ත)

කරන්දෙණිය කුරුදුගහහැතැක්ම තැපැල් කාර්යාලයේ ඇති වු ගින්නකින් එහි උප තැපැල් ස්ථානාධිපතිනි කාංචන මාලා සිල්වා මහත්මිය පිළිස්සී  මිය ගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

ඇය හොඳම තැපැල් ස්ථානාධිපති ලෙස පිට පිට පස් වතාවක් සම්මාන ලබා ඇත. තැපැල් කාර්යාලයේ ලිපි ලේඛන ද ගින්නෙන් විනාශ වී තිබේ.