කුඩුත් එක්ක තරුණයකු අත් අඩංගුවට



(හබරණ සංජය මදුශාන්)
හෙරෝයින් මත්කුඩු බෙදාහැරීමට පැමිණි පුද්ගලයෙකු හබරණ මීගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි
හබරණ පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අද (26) දහවල් කාලයේ දී මෙම වැටලීම සිදුකළ අතර  එහිදී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලි ග්‍රැම් 400 සමග බෙදාහැරීමට පැමිණි පුද්ගලයකු හබරණ මීගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට  ගත් බවද ඔහු කැලණිය ප්‍රදේශයේ පදිංචි 33  හැවැරිදි පිරිමි අයෙකු  බව ලබන පොලිසිය කියයි.
මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ සිට බස් රථයෙන් පැමිණ  සීගිරිය දඹුල්ල හබරණ  පොළොන්නරුව ප්‍රදේශ වලට හෙරොයින් බෙදා හරින බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් සැකකාර පුද්ගලයා හෙට දින(27) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.