( තිළිණි ද සිල්වා )
මේ දිනවල පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු අද (03) විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කළු ගඟ මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කළ බව ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීය.
ඒවායේ ජල මට්ටම තව දුරටත් ඉහළ යමින් පවතින නිසා මතුගම අගලවත්ත , ඉංගිරිය ,පාලින්ද නුවර ඒ ආසන්න ප‍්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව හෙතම වැඩිදුරටත් කීය.
මෙම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් ජලගැලීම් ඇතිවීමේ අවදනමක් නොමැති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

