කිලිනොච්චියේ වෙළඳසලක් ගිනිගෙන කතකට පිළිස්සුම් තුවාල


(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි වෙළඳසලක ඊයේ (27) රාත්‍රි‍යේ ඇති වූ ගින්නක් හේතුවෙන් එහි සිටි කාන්තාවක් පිළිස්සුම් තුවාල ලබා රෝහලගත කරනු ලැබ ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

අදාල වෙළඳසලෙහි විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සැකයක් පවතින අතර  එසේ ඇති වූ ගින්න පසුව වෙළඳසලේ තිබූ ඉන්ධනවලට පැතිරීමත් සමග ගිනිගෙන වෙළඳසල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

වෙළඳාම් කටයුතු අවසන් වී එහි හිමිකාරිය වෙළඳසලෙහිම නිදාගැනීම නිසා ඇය ගින්නට හසුවී ඇතැයි පොලිසිය කියයි.

ගින්නෙන් වූ අලාබය රුපියල් ලක්ෂ 5 කට අධික බවට මේ වන වට තක්සේරු කර ඇත.