(රංජිත් රාජපක්‍ෂ)
ලක්‍ෂපාන ජල විදුලිබලාගාර ජල පෝෂක ප‍්‍රදේශවලට කඩින් කඩ ඇදහැලූණු ධාරානිපාත වර්ෂාවත් සමග ලක්‍ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් අද (03) උදෑසන විවෘත කර උදැසන 11.30 පමණ වනවිට වසා දමා ඇත.
කාසල්රි සහ මාවුස්සා කැලේ ජලාශවල ජල මටිටම පිටාර මට්ටමට ආසන්න වීමත් සමග කැනියොන්, ලක්‍ෂපාන නව ලක්‍ෂපාන ,පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදුකරන බව එම බලාගාර ඉංජිනේරුවෝ පැවසූහ.

