කැබිනට් රැස්වීමේදී අර්ජුන - දයාසිරි ගැටෙති


(අජන්ත කුමාර අගලකඩ)

අද (29) උදේ පැවති කැබිනට් රැස්වීමේදී ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ඛණිජ තෙල් කර්මාන්ත ඇමති අර්ජුන රණතුංග යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රෘතීම ධාවන පථය නැවත එළීම සඳහා ටෙන්ඩර් කැඳවීමට ක්‍රීඩා ඇමතිවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් අර්ජුන රණතුංග ඇමතිවරයා නිරීක්ෂණ ඉදිරිපත් කළ අවස්ථාවේ ඇමතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇති වූ බව දැනගන්නට ඇත.

ක්‍රිකට් සම්බන්ධයෙන් ද එහි දී ඇමතිවරුන් දෙදෙනා චෝදනා එල්ල කරගෙන ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී මත ගැටුම සමථයකට පත්කර ඇතැයි වාර්තා වේ