කළුතර අවදානම් කලාපවල වැසියන් ඉවත් කරයි


(පේ‍්‍රමතිලක පෙරමුණ)

වර්ෂාව හා ගංවතුර ක‍්‍රමයෙන් වැඩි වෙමින් පවතින බැවින් කළුතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ කීපයක අවදානම් කලාපවල සිටින ජනතාව ඉවත්කර ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට තීරණය කළ බව කළුතර දිස්ති‍්‍රක් ආපදා අංශය පවසයි.

ගතවූ පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 104.5 තරම් ඉහළ අගයකට පැමිණ ඇති බවත් තවදුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් ප‍්‍රදේශ කීපයක අවදානම් කලාපවල ජනතාව ඉවත් කිරීමට තීරණය කළ බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කළුතර දිස්ති‍්‍රක් නිලධාරී හර්ෂ ඒකනායක මහතා පැවසීය.