කරන්නාගොඩගෙන් සින්නයියාට එන්තරවාසියක්


 තිළිණි ද සිල්වා  
 
නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා තමා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම මඟින් සිය කීර්තිනාමයට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුව ඇති බැවින්  රුපියල් මිලියන 500ක මුදලක් දින 14 ක් ඇතුළත ගෙවන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එන්තරවාසියක් යවා ඇත.
 
නීතීඥ වසන්ත විජේවර්ධන , ලසන්ත විජේජ්වර්ධන හා අනූෂා විජේවර්ධන සහ නීතීඥ කණ්ඩායම මඟින් මෙම එන්තරවාසිවාසිය යවා තිබේ.