ජේ.ඒ.එල්. ජයසිංහ
තමා කිසි විටක කතරගම බස්නායක නිලමේ ධූරයෙන් ඉල්ලා අස් නොවන බව රුහුණු කතරගම මහා දේවලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා අද මහනුවරදී අද මහනුවරදී පවසා ඇතැයි දැනගන්නට ඇත
එක එක රස්තියාදු කරයින්, කතරගම පුද බිමේ කසිප්පු මත්පැන් විකුණන අය කීවට තමා ඉල්ලා අස්වෙන්නේ නොවන බවත් තමා මේ ධූරයට පත් වී ඉන්නේ නීත්‍යානු කූල ක්‍රමවේදයකින්, නීත්‍යානුකූලව පැවැති ඡන්දයකින් ඔහු පවසා ඇත.
ජනාධිපති හෝ බෞද්ධ කටයුතු කොමසාරිස් කීවොත් පමණක් ධූරයෙන් ඉල්ලා අස්වන බව ද කියා ඇත. කතරගම දේවාලයේ ‘තේවා පූජා කටයුතු කපු මහත්වරුන්ට සමසේ බෙදා දෙන්න මා කටයුතු කළ නිසා කපු මහත්වරු දෙදෙනකුගේ දැඩි විරෝධය එල්ල වී ඇතැයි ද කියා තිබේ.
කපු මහත්වරුන් තිදෙනකු මාත් සමග එකඟ වුණොත් ඔවුන්ටත් අවස්ථාව නොදී කපු මහතෙකු සහ ඔහුගේ බෑණා බලහත් කාරයෙන් දේවාලයේ කටයුතු කරගෙන යන බව ඔහු පවසා තිබේ.
පුද බිමේ අද උදේ පිරිසක් තමාට විරුද්ධව උද්ඝෝෂණයක් කර තිබෙන බවත් ඊට ඉතා සුළු පිරිසක් තමයි සහභාගී වී ඇති බව ද ඔහු කියා තිබේ.

