කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සහ කපු මහතා අතර ඇතිවී තිබෙන ගැටලුව විසඳීම සඳහාත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමටත් ඔවුන් අද(28) බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබ සිටිති.
ඔවුන් දෙදෙනා අතර දේවාලයේ යතුර සම්බන්ධයෙන් පසුගියදා ඇතිවූ ගැටලුවක් හේතුවෙන් දේවාලයේ අලුයම පූජාවද නැවතිණි.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ගොස් කළ පරීක්ෂණයකදී හෙළිවී ඇත්තේ දේවාලයට බැතිමතුන්ගෙන් ලැබෙන පඬුරු මුදල් සම්බන්ධයෙන් බස්නායක නිලමේ හා කපුවා අතර ගැටුම හටගෙන ඇති බවයි. මේ සියලු කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අදහස් විමසා ගැටලුව විසඳීමට සූදානම් බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

