එජාප සංවත්සරයේදී අගමැති විශේෂ ප්‍රකාශයකට සැරසෙයි


(අංජුල මහීක වීරරත්න/ ඡායාරූප - ඉෂාන් සංජීව)

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ දී කරන්නට යන වැඩ ගැන පක්ෂ සංවත්සර උත්සවයේ දී විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද(6) පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සර උත්සවය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන ඉරිදා (10) රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.