එජාප 71 වැනි සංවත්සරය කල් දමයි


(ප‍්‍රින්ස් රත්නායක)

එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය මෙවර රත්නපුරයේ දි පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණ හදිසිසේ ඇති වු අධික වර්ෂාව හේතුවෙන් එය කල් දැමීමට සිදුවූ බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

‘එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය උත්කර්ෂවත් විදියට රත්නපුරයේ දී සැප්තැම්බර් 10 වැනි දා පවත්වන්න සියලූ කටයුතු සූදානම් කරලා තිබුණා. නමුත් අපි බලාපොරොත්තු නොවන විදියට කාලගුණය වෙනසක් සිදුවුණු නිසා පුංචි කල් දැමීමක් සිදු කළා. අපේ පක්ෂයේ නායකතුමා බලාපොරොත්තු වෙනවා මේ මාසය අවසන් දිනය වන විට රත්නපුරයේ දී එය පවත්වන්න. ඒ පිළිබඳ යම් කිසි කෙනෙකුට අපහසුතාවයක් ඇති වුණා නම් ඒ ගැන කණගාටුව ප‍්‍රකාශ කරනවා. සියලූ දෙනාම නැවත දන්වන දිනයේදී රත්නපුරයට ඇවිත් අපේ පක්ෂයේ අභිමානය ආරක්ෂා කරන්න අවශ්‍ය සහයෝගය ලබාදෙන්න කියලා මම ඉල්ලාසිටිනවා.’ යැයි ඇය සඳහන් කළාය.