උසස්පෙළ සාමාන්‍ය දැනීම හා තොරතුරු තාක්ෂණ විභාගය 4 දා


උසස් පෙළ සාමාන්‍ය දැනීම හා තොරතුරු තාක්ෂණ - 2 ප්‍රශ්න පත්‍ර දෙක සඳහා විභාගය සැප්තැම්බර් 4 වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

සැප්තැම්බර් 2වැනිදා අදාළ විභාග පැවැත්වීමට නියමිතව තිබුණද හජ්ජි උත්සවය හේතුවෙන් මෙම වෙනස්කම සිදුකළ බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව සැප්තැම්බර් 4වැනිදා පෙරවරු 8.30 සිට පෙරවරු 11.00 දක්වා සාමාන්‍ය පොදු පරීක්ෂණය ද එදින පස්වරු 12.30 සිට 3.0 දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 2 පත්‍රය සඳහා ද විභාගය පැවැත්වේ.