(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා විසින් කුඨ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් සුළු සේවකයන් 69 දෙනකුට රැකියා ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන්නැයි ඉල්ලමින් පළාත් සභාවේ විපක්ෂනායක අනිල් රත්නායක මහතා ඇතුළු එජාප මන්ත‍්‍රිවරු අද(11) ලිඛිත පැමිණිලි තුනක් භාර දුන්හ.
මෙම නිති විරෝධි පත්විම් ලබාදිම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පළාත් ආණ්ඩුකාරවරයාට, ප‍්‍රධාන ලේකම්වරයාට සහ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කළ අතර පසුව අනුරාධපුර පළාත් සභා සංකිර්ණයේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදි එජාප පළාත් සභා මන්ත‍්‍රි නිතිඥ කස්තුරි අනුරාධනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රවෘත්ති සාකච්ජාවක් ද පැවැත්විණි.
‘‘2016 මාර්තු මාසයේ පළාත් සභාවට කාර්යාල කාර්ය සහායකයින් 69 දෙනකු නිති විරෝධි ආකාරයට බදවා ගත්තා. මේ සම්බන්ධයෙන් පළාත් සභා මන්ත‍්‍රි ඩි.එම්.අමරතුංග මහතා පළාත් සභාවේදි ප‍්‍රශ්නයක් මතු කළා. ඒ සම්බන්ධයෙන් ප‍්‍රධාන අමාත්‍යවරයා 2016 ජුනි මස 28 වැනිදා පිළිතුරු සභාගත කළා. ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදි මෙම පත්විම් ලබා ගැනිම සදහා ඉදිරිපත් වුවන්ගේ නාම ලේඛනය ඔවුන් ලබාගත් ලකුණු ප‍්‍රමාණය උතුරු මැද පළාත් සභාවට ඉදිරිපත් කළා. එම වාර්තාව සම්පුර්ණයෙන් කුඨ ලේඛණයක්. උතුරු මැද පළාත් සභාවේ ව්‍යවස්ථාදායකට මේ පළාත් සභාවට මහ ඇමතිවරයා ඉදිරිපත් කරන්නේ කුඨ ලේඛනයක්‘‘ යැයි අනුරාධනායක මහතා කීවේය.

