ජේ.ඒ.එල් ජයසිංහ
උතුරු පැළාත් ප්‍රධාන අමාත්‍ය හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු උතුරු පළාතේ අමාත්‍යවරු කීප දෙනෙක්, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගල මල්වතු පාර්ශවයේ මහනා නායක හිමියන් අද බැහැදැක්හ.
උතුරේ ජනතාවගේ ප්‍රශ්න සහ ඔවුන් මුහුණා පා ඇති ගැටළු පිළිබඳව මහා ඇමැතිවරයා එහිදී මහා නාහිමියන්ට පැහැදිලි කර දුන්හ. දැනට උතුරේ කාන්තාවන් 89000ක් වැන්දඹුවන් බවත් අනාථ වූ දරුවන් විශාල පිරිසක් උතුරේ ජීවත්වන බවත් කීය.
අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන් උතුරට වැඩම කලා සේම මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ටද උතුරට වැඩම කරන්නැයි ඉල්ලා සිටියේය.




