(විනීතා එම් ගමගේ)
සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු හෙට (31) සිට නව තාක්ෂණ ක‍්‍රමවේදයක් අනුව සිදුකෙරේ.
නව ක‍්‍රමවේදයට මාරුවීමත් සමඟ සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට දායක මුදල් ගෙවන හාම්පුතුන්ගෙන් මුදල් අයකර ගැනීම් ආදී කටයුතුවලදී පහසුවනු ඇතැයි එම අරමුදල පවසයි.
මේ වනවිට එම අරමුදල මාසිකව රුපියල් කෝටි 190කට ආසන්න මුදලක් එක්රැස් කරගන්නා අතර මේ වනවිට අරමුදලේ රුපියල් කෝටි 24800 ක් තිබේ.
නව තාක්ෂණික ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමත් සමඟ සේවා සැපයීම් හා මෙහෙයුම් ප‍්‍රතිව්‍යුහගත කිරීමද සිදුකිරීමට ද නියමිතය.

