(ජේ. ඉඳුරුවගේ)
අනතුරකට ලක්ව උතුරු මුහුදේ ගිලෙමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනකු අද (31) බේරා ගත් බව නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රවක් මගින් අනලතිව් දූපත ආසන්නයේ ගිලෙමින් තිබූ එම ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව නිරීක්ෂණය කර ඇත.
ඔවුන්ට අවශ්‍ය ප්‍රථමාධාර, ආහාර සහ පානීය ජලය ලබා දී කන්කසන්තුරයේ නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ආ බවද නාවික හමුදාව පවසයි.
නාවික කිමිදුම් අංශයේ විශේෂ කණ්ඩායමක් විසින් එම අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාව ගොඩට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද නාවික හමුදාව කියයි.
ඉන්දියානු බලධාරීන් සම්බන්ධීකරණය කරගනිමින් බේරා ගත් එම ධීවරයින් නැවත ඉන්දියාව වෙත යැවීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ද නාවික හමුදාව පවසයි

