ඉන්දියා ධීවරයෝ ඇපෑල අස්කර ගනිති


හෙරොයින් මත්කුඩු ගෙනා බවට වැරදිකරුවන්වී

මහාධිකරණය මඟින් මරණ දඬුවම නියම කර සිටි ඉන්දීය ධීවරයන් පස්දෙනා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ ඇපෑල අද (18) ඉල්ලා අස්කර ගත්හ.

ඉන්දියා අගමැති හා ශ්‍රී ලංකා ජනපති මේ ප්‍රශ්නය ගැන දුරකථන මගින් සාකච්ඡා කර ඇති බවත් බොහෝ දුරට ඔවුන්ගේ මරණ දඬුවම ජනපති සමාව යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්කර ඔවුන් ඉන්දියාවට බාරදීමට ඉඩ ඇති බවත් රජයේ ආරංචි කියයි.