ආණමඩුවේ නිදන් හැරූ 6 ක් අත්අඩංගුවට


(ජුඩ් සමන්ත)

ආණමඩුව - පුලියන්කුලම වැව් ඉස්මත්තේ නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන හය දෙනෙක් අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති අය අතර රාජ්‍යය ව්‍යවසායක අමාත්‍යාංශයේ රියදුරෙකු ද වේ. ඔහු ආණමඩුව - තම්මැන්නාගම පදිංචිකරුවෙකි. සෙසු සැකකරුවන් අතර වාරියපොල පදිංචිරුවන් තිදෙනෙකු ,රම්බොඩගල්ල පදිංචිකරුවකු  සහ ආණමඩුවේ පදිංචිකරුවකු වේ.

නිධානය ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන ස්ථානයේ තිබී ලොරි රථ 2 ක් සහ බැකෝ යන්ත්‍රයක්ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්,ලොරි රථ දෙක සහ බැකෝ යන්ත්‍රය ආණමඩුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.