(ඉන්දිකා රාමනායක)
උතුරේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය හා යුද්ධයෙන් පසු ආරක්ෂක අංශ උතුරේ ජනතාව වෙනුවෙන් සිදුකරන ව්‍යාපෘති නිරීක්ෂණ කිරීම සඳහා වරකාගොඩ ඥාණරතන අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියෝ ප‍්‍රමුඛ මහා සංඝරත්නය දින තුනක යාපන සංචාරයක නිරත වුහ.
යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරචිචි මහතා විසින් කළ ඇරයුමකට අනුව උන්වහන්සේලා මෙම 28, 29, 30 යන තෙදින එසේ වැඩම කරනු ලැබිණි.
අස්ගිරි මහනායක හිමියන්ගේ ප‍්‍රධානාත්වයෙන් මහියංගන රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත, අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරි හා අස්ගිරි මහාපිරිවෙනේ ශ‍්‍රාස්ත‍්‍රපති නාරංපනාවේ ආනන්ද, බදුලූ මුතියංගන රජමහා විහාරයේ භාරකාර මුරුද්දෙණියේ ධම්මරතන, මාතලේ අනුරුද්ධඅරණ රජමහා විහාරාධිපති ලෝක බෞද්ධ සම්මේලනයේ මහලේකම් මුගුණුවෙල අනුරුද්ධ යන නාහිමිවරු ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ සදහා වැඩමකර සිටියහ.





