මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ප්‍රකාශයේ සඳහන් කරුණු අනුසාරයෙන් දිව්රුම් ප්‍රකාශයක් සකස් කොට ඉදිරි සතියේ කොමිසමට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා බැඳුම්කර කොමිසමට අද (08) දැනුම් දුන්නේය.
බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීමේ කටයුතු කරන අතර තුර කොමිසම අමතමින් ඒ බව දැනුම් දුන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා මේ සම්බන්ධයෙන් වු නීතී ප්‍රතිපාදනයන්ද එදින කොමිසමට ඉදිරිපත් කරන බව දැනුම් දුන්නේය.

