(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා හතරවැනි දිනයටත් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා අද (10) උදෑසන 10.30ට පමණ බැඳුම්කර කොමිසමට පැමිණි බව වාර්තා වේ.
කොමිසමට ඉදිරිපත් වු කරුණු පිළිබඳව ඇලෝසියස් මහතාගෙන් දීර්ග වශයෙන් කරුණු පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නිසා ඒ සඳහා දින හතරක් පුරා ප‍්‍රකාශ සටහන් කර ගැනීමට කොමිසමේ නිලධාරීන් තීරණය කර තිබිණි.

