අයින්ස්ටයින්ටත් වැරදිලා


අයින්ස්ටයින් පවසා සිටියාට වඩා ආලෝකය ගමන් කරන්නේ අඩුවේගයකින් යැයි ඇමරිකා විද්‍යාඥයෙක් පවසයි.

ඇමරිකාවේ මේරිලෑන්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥ ජේජේම්ස් ෆ්රැන්සන් ට අනුව අයින්සටයින් රික්තයකදී ආලෝකය ගමන් කරන බව කියූ පැයට කිලෝමීටර 300,000 ක වේගයට වඩා ආලෝකය ගමන් කරන්නේ අඩු වේගයකිනි.

ඔහු මේ බව පෙන්වා දීමට යොදාගෙන තිඛෙන්නේ 1987 වසරේ පෘථිවියට දර්ශනය වූ තාරකාවක පිපිරීමකි.එම තාරකාවේ පිපිරීම අයින්ස්ටයින් හදුන්වාදුන් ආලෝකයේ වේගයට අනුව පැය 3.3 කදී පෘථිවියට දර්ශනය වීමට තිබී ඇතත් එය දර්ශනයව ඇත්තේ පිපිරීම සිදුවී පැය 4.7 කට පසුවය.

අභ්‍යාවකාශයේ සැතපුම් දහස් ගණනක් දුරින් සිදුවන තාරකා පිපිරීම් ආදී සිදුවීම් පෘථිවියට ඒ ක්ෂණයෙහිම දර්ශනය නොවේ.ඊට හේතුව වන්නේ එම දුර ගෙවාගෙන පෘථිවිය කරා ළගා වීමට ආලෝකයටද යම් කාලයක් ගතවීමයි.මෙනිසා බොහෝ අවස්ථාවන්හිදී අප නිරීක්ෂණය කරන අභ්‍යාවකාශයේ විවිධ විපර්යාසයන් ඒ වන විටදී සිදුවී අවසානව බොහෝ වේලාවක් ගතවී තිබිය හැකිය.

මෙයට හොදම උදාහරණය ලෙස පෙන්වා දිය හැක්කේ සූර්යයාලෝකය පෘථිවියට පතිත වීමයි.සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුරත් ආලෝකයේ වේගයත් සළකා ගණනය කිරීම් කර ඇති විද්‍යාඥයින් සොයාගෙන තිඛෙන්නේ සූර්යයාගේ සිට පෘථිවියට ආලෝකය ළගා වීමට විනාඩි 8 ක පමණ කාලයක් ගතවන බවයි.

භෞතික විද්‍යාඥ ජේජේම්ස් ෆැන්සන්ට අනුව සිතා සිටියාට වඩා ආලෝකය ගමන් කිරීමේ වේගය සීමා වී ඇත්තේ ආලෝකයේම වන පෝටෝන නම් අංශ=වකගේ හැසිරීම නිසාය.

පෝටෝනය යනු ආලෝකයේ අන්තර්ගත වන අංශුවකි.විද්‍යාඥ ජේජේම්ස් ෆැන්සන්ට අනුව මෙම අංශුව එක් අවස්ථාවකදී පොසිට්රෝෝන නම් කුඩා අංශ+න් විශේෂයකටත් ඉලෙක්ටෝන වලටත් ඛෙදී වෙන්වී නැවත එකතු වේ.මේ ඛෙදී වෙන්වන හා එකතු වන ක්රිශයාවලියේ ප්‍රතිඵලයක් ලෙස ආලෝකයේ වේගය අඩාළ වන්නේ යැයි ඔහු කියයි.

මේ සම්බන්ධයෙන් විද්‍යාඥයෝ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටිති.

මෙසේ ආලෝකයේ වේගය සිතා සිටියාට වඩා වඩා අඩු වේගයක් ගනී නම් මේ දක්වා ආලෝකයේ වේගය යොදාගෙන කළ සියලුම ආකාරයේ ගණනය කිරීම් නැවත සිදුකිරීමට සිදුවනු ඇත.