අම්බුළුවාවේ නාය යෑමක් නිසා පවුල් තුනක් ඉවතට


( සමන් විජය බංඩාර)

මාවනැල්ල, අම්බුළුවාව පහත අම්බලාව අක්කර 100 ගම්මානයේ අද ( 11) නාය යෑමක් නිසා මෙ වන විට අවදානම් කලාපයේ පවුල් තුනක් ඉවත් කිරිමට කටයුතු කර ඇත.

මෙම නාය ආරම්භ වි ඇත්තේ හෙම්මාතගම ගම්පොල මාර්ගයේ තුනේ කණුව අසළින්ය. වැසි සහිත කාලගුණයත් සමග විශාල ශබ්දයක් නගමින් මෙම නාය යෑම සිදු වි ඇත්තේ සවස 4  ට පමණය. නාය යෑම නිසා පහත් බිමේ මත්ස්‍ය වගාවක් විනාශ වි ගොස් ඇති අතර එය රජයේ මුදල් ආධාර යටතේ දිළිදු පවුල් ස්වයං රැකියාවන් ඔස්සේ නගා සිටුවිමට ලබා ස්ථාපනය කරන ලද්දකි. ඒ සඳහා රජය විසින් රුපියල් 75000 ක පමණ මුදලක් වියදම් කර දැනට මාස කිහිපයකට කලින් ජනතා අයිතියට පත් කළ ස්ථානයකි.

මෙම නාය යෑම හේතුවෙන් විශාල ගල් සහ පස් සේදි පහතට ගලා ගෙන පැමිණිම නිසා ගම්මානයේ නිවාස කිහිපයකට යෑමට තිබු ප‍්‍රධාන මාර්ගයක්ද දැඩි හානියට පත් වි ඇත.

නාය යෑම සැල විමත් සමග අම්බලාව වසම ග‍්‍රාම නිලධාරි එම්.ඒ. ප‍්‍රසාද් මුණසිංහ මහතා පැමිණ අවදානම් කලාපයේ ඇති නිවාස තුනක පවුල් ඥාති නිවෙස් වලට පිටත් කිරිමට කටයුතු කරන ලදි.

ඒ මහතා විසින් එම තීරණය සිදු කර ඇත්තේ මාවනැල්ල ප‍්‍රාදේශිය ලේකම් ප‍්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය දැනුවත් කිරිමෙන් පසුවයි. ඒ අනුව හෙට දිනයේ එම ප‍්‍රදේශය නිරික්ෂණයට ගොඩනැගිලි පර්යේෂණ අංශයේ නිලධාරින් එවිමටද කටයුතු කරන බව ප්‍රාදේශීය ලේකම්වරිය ග‍්‍රාම නිලධාරි මහතාට දුරකථනයෙන් දන්වා ඇත.