(රංජන් කස්තුරි)
අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි පාලුමැකිච්චාව සෙල් ලිපිය වසා දමා කොන්ක්‍රීට් බැම්මක් ඉදිකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන සහ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල යන මහත්වරු එම පරීක්ෂණය සිදුකර ඇමැතිවරයාට වාර්තාවක් බාරදීමට නියමිතය.

