අධිවේගයේදී හමුදා රියක් ගිනිගනී


(බුද්ධික කුමාරසිරි)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේදී අද(29) උදෑසන යුද හමුදාවට අයත් ජීප් රථයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුමෙන් ඇතුළු වී ඇති මෙම රථය කොට්ටාව පිවිසුමෙන් පිටවීමට ආසන්නව තිබියදී උදෑසන 10 ට පමණ එක්වරම ගිනි ගැනීමට ලක්ව ඇති බවත් එම අවස්ථාවේදී රථයේ හමුදා නිලධාරීන් තිදෙනකු සිට ඇති බවත් කියති.

ගින්න හට ගන්නවාත් සමග ඔවුන්ට පිටතට පැන ගැනීමට හැකි වී ඇති බැවින් කිසිවකුට හෝ හානියක් සිදුවී නොමැති බවද පොලිසිය පවසයි.

සිද්ධිය පිළිබදව සැල වීමත් සමග වහා කි‍්‍රයාත්මක වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ ද එම අවස්ථාව වන විටත් රථයට සම්පූර්ණයෙන් ගිනි ඇවිලී තිබූ බවද පොලිසිය කියයි.