(තරිඳු ජයවර්ධන)
පොලිස් නීති කොට්ඨාසය භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමට පොලිස් කොමිසම තීරණය කර ඇත.
කොමිසම එම තීරණය ගෙන ඇත්තේ පොලිස්පතිවරයාගේ නිර්දේශයක් අනුවය. පොලිස්පතිවරයා මීට සති දෙකකට පෙර කොමිසමෙන් එම ඉල්ලීම කළ අවස්ථාවේ ඊට අවසර නොලැබිණි.
කෙසේ වෙතත් ඊයේ කොමිසම රැස්වූ අවස්ථාවේ අජිත් රෝහණ මහතා බස්නාහිර උතුරට යැවීමට තීරණය විය.
අවස්ථා දෙකකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කර ඇති අජිත් රෝහණ මහතා දක්ෂ පරිපාලකයකු ලෙස ප්‍රඛටය. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ අජිත් රෝහණ මහතා නීතීඥවරයකුද වෙයි.

