අගමැති ආරක්ෂක නිලධාරියා ඡායාරූප ශිල්පීන් එලවයි


(ඉෂාන් සංජීව)

මල්කඩුවාව, කුරුණෑගල නව ජාතික පාසලට මුල්ගල තැබීමේ උත්සවය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදී එහි මාධ්‍ය ආවරණය සඳහා එහි ගිය ඡායාරූප මාධ්‍යවේදීන්ට අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරියෙක් දිගින් දිගටම බධා කරන්නට විය. ඔහුගේ මූලික අරමුණ වූයේ වේදිකාවේ සිට විශාල දුර ප්‍රමාණයකට ඡායාරූප මාධ්‍යවේදීන් එලවා දැමීමයි.

එවන් දුරක සිට ඡායාරූප ගැනීමේ  අපහසුතාව පිළිබඳ මාධ්‍යවේදියා කොතෙක් පැහැදිලි කළද ඒ බව වටහා ගැනීමේ අවශ්‍යතාවක් ආරක්ෂක නිලධාරීයාට නොවීය.

එතැනදි ඇතිවූ දෙබස මෙසේය.

මාධ්‍යවේදියා - අපිට එතනට ගිහින් ඡායාරූප ගැනීමේ හැකියාවක් නෑ.තාක්ෂණික ප්‍රශ්නයක් තියනවා.

නිලධාරියා - එහෙම කියලා බැ.මෙතන ඉන්න දෙන්නේ නෑ.

මාධ්‍යවේදියා - අපි දැන් ඉන්නෙත් ගොඩක් ඈතින්.අපි මෙතන ඉන්න එක කිසි කෙනෙක්ට හානියක් නැනේ.

නිලධාරියා - එහෙම කියලා බෑ.මාධ්‍යවේදින්ට ඉන්න තියන තැනට යන්න.

මාධ්‍යවේදියා - මට එතනට ගිහින්නම් මේ මාධ්‍ය ආවරණය කරන්න අමාරුයි.තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා.අපේ මේ තියන කැමරා කාච වලින් ඡායාරූප ගැනීමේ දුර ප්‍රමාණයක් තියෙනවා.එතනට ගිහින්නම් කොහොමත්ම ඡායාරූප ගැනීමේ හැකියාවක් නෑ.එහෙනම් මම යන්නද?

නිලධාරියා - ඒක ඉතින් ඔයාගේ කැමත්ත.අපිට ප්‍රශ්නයක් නෑ.අපිට මේක කවර් කරන්නම ඕන කියලා එකක් නෑ.