20 ගැන අධිකරණ තීන්දුව කතානායකට


තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  
 
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූද නැත්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් පාර්ලිමේන්තු කතානායකවරයාට දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. 
 
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති පළාත් සභා ජන්ද විමසීම     (සංශෝධන) පනත් කෙටුම්පත හෙවත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතඅභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 13 විභාගය අද (25) අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
 
මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රියාසත් ඩෙප් , අනිල් ගුණරත්න සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳැවිණි.