(අංජුල මහික වීරරත්න)
සියලූ පළාත් සභාවල ඡන්දය එකම දිනක පැවැත්වීමේ විධි විධාන ඇතුළත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත නොකළ පළාත් සභාවලට යළිත් එය ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.
මේ සඳහා පළාත් ආණ්ඩුකාරවරුන් මගින් එම පළාත් සභාවල විශේෂ සභාවාර කැඳවීමට ද තීරණය වී ඇත.
මේ තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ගෙන්වා ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුවය.මෙම සාකච්ඡාවට අමතරව අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍ය ෆයිසර් මුස්තාපා පෞද්ගලිකවම සිය නිවෙසට ගෙන්වා පනත සම්මත කර ගැනීම සඳහා ගත යුතු පියවර ඔහුට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා විසින් පළාත් සභාවලට යොමුකර තිබූ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට ඌව සහ දකුණු පළාත් සභාවලදී පරාජයට පත් වී ඇත.

