ඉමදුව - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක  ද සිල්වා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව අන්තර් හුවමාරුවෙන් පිටතට පැමිණි කාර් රථයක් 04 දින සවස 5.30 පමණ එම හුවමාරුවේ ගේට්ටුව කඩා ගෙන ගොස් ඇත. අදාල කාර් රථය ඉමදුව හුමාරුවේ මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරීන් වෙත අදාල ගාස්තුව ගෙවා ඉතිරි මුදල් ද ආපසු රැගෙන එම හුවමාරුවේ පොලිස් නිළධාරියා එම වාහනය අසලට පැමිණෙන අවස්ථාවේ දීම මෙසේ හුවමාරුවේ ඇති ගේට්ටුව කඩාගෙන ප්‍රධාන මාර්ග ඔස්සේ ගොස් ඇත.

මෙම මෝටර් රථයේ යම් සැකකටයුතු දෙයක් ප්‍රවාහනය කරමින් සිටියාද නොඑසේ නම් වෙනත් හේතුවක් නිසාවෙන් මෙසේ ගේට්ටුව කඩාගෙන පිටවූවාද යන්න තවමත් අනාවරණය වී නොමැත. අදාල රථයේ අංකය අධිවේගී මාර්ග පොලිස් නිළධාරීන් විසින් ලබාගෙන ඇති අතර ඒ අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු අධිවේගී මාර්ග පොලිසිය විසින් සිදුකරණු ලබයි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ අධිවේගී මාර්ගයේ ඉමදුව අන්තර් හුවමාරුවේ ගේට්ටුව කඩාගෙන ගොස් ඇති ආකාරයයි.