අකිල බද්දේවිතාන
හිටපු මුදල් ඇමැති එම් කේ ඩී එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයට හිමිවිය යුතු බව එම ව්‍යාපාරයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
ස්විට්සර්ලන්තයේ ජගත් ආර්ථික සමුළුවට සහභාගී වී සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණි පසුව මේ පිළිබඳව අගමැතිවරයා සමඟ සාකච්ඡා කරන බවද ඔහු කිවේය.
එක්සත් ජාතික පක්ෂ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පසුගිය අගෝස්තු මහ ඡන්දයට පෙර ඇති කරගත් ගිවිසුම අනුව තම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ධූර දෙක ගුණවර්ධන මහතාටත් ජයම්පති වික්‍රමරත්න මහතාටත් දුන් බව කී සේනාරත්න මහතා ඒ අනුව ගුණවර්ධන මහතාගේ අභාවය නිසා ඇතිවු පුරප්පාඩුවට තම පක්ෂයෙන් මන්ත්‍රීවරයකු පත් කර ගත යුතුව ඇති බව කීවේය.
COMMENTS