තම බාලවයස්කාර දරුවන්ට නොසළකා හරින බවට අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින පස්දරු පියාට දෙසැම්බර් මස 14 දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවෙල මහතා අද නියෝග කළේය.
මව විදේශගතව සිටින බවත් පියා තමා ඇතුළු බාල සොයුරු සොයුරියන්ට නොසළකන බවටත් වැඩිමල් දරුවා (16) කැබිතිගොල්ලෑව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය අද අධිකරණයට කරුණු දැක්වීය.
දැනට දරුවන් රැකබලාගන්නා මිත්තනියට ද දරුවන් පස්දෙනා සමග එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහසේත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.