'තරග පරදීද්දී අපි ඉන්දියාවේ තත්ත්වයට පත්විය යුතු නෑ' - අර්ජුන


(විනීතා එම් ගමගේ)

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගගනයේ දී පෙරේදා (27) සිදුවු අන්දමේ සිද්ධීන් ශ්‍රී ලංකාවේ සිදුවිය යුතු නැතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.

තරඟ පරදිද්දී දුක හිතෙන නමුත් අප ඉන්දියාවේ තත්ත්වයට පැමිණිය යුතු නැතැයි ද අමාත්‍යවරයා කිය.

ක‍්‍රිකට් ජය ගත්තත් පරාජය වුවත් හිනැහී පිළිගන්නට අපට හැකිවිය යුතු යැයි ද සංස්කෘතියක් ඉතිහාසයක් ඇති රටක් වූ අපි ක‍්‍රීඩකයින්ගේ මානසිකත්වය ගැන නිරන්තර සිතිය යුතු යැයි ද රණතුංග මහතා සඳහන් කළේය. 

කී‍්‍රඩකයින්ට හූ කියන්නට එපා යැයි ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටින බව කී අමාත්‍යවරයා හූ කියන්නට අවශ්‍යම නම් පරිපාලනයට හූ කියන්නැයි ඉල්ලා සිටින බව ද කියා සිටියේය. 

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අද (28) පැවැති මාධ්‍ය හමුවක දීය.