(මොරගොල්ලාගම සිසිර කැලේගම)
කොවිඩ් එන්නත්කරණයේදී විවාහක බිරියක් හඬා වැටුණි. ඒ අතට එන්නත්කරණයේ දී රිදුණු නිසා නොව තම සැමියා සමාජයක් ඉදිරිපිට වැරෙන් දුන් කනේ පහරක් නිසාය.
ඇතුගල්පුරයට අයත් මූලික රෝහලකින් සිද්ධිය වාර්තා වේ.
පවතින කොරෝනා ව්‍යසනය හමුවේ එන්නත්කරණය සිදුවීමෙන් අනතුරුව එම සෞඛ්‍ය අංශවල පවුල්වල සාමාජික සාමාජිකාවන්ට එන්නත්කරණයද සිදු කෙරුණි.
මේ නිසා දන්නා හඳුනන පිරිස් සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වී වයස් පරතරවලින් තොරව විත් එන්නත් කරණයට අවැසි පත්‍රිකාව පුරවා තම වාරය පැමිණෙන තෙක් රෝහල් පෝලිමේ රැඳී සිටිති.
එම පත්‍රිකාව අතේ තබා ගත් විවාහකයකු එන්නත් කර ගැනීමෙන් අනතුරුව ඔහුගේ බිරියද එන්නත් කර ගත්තාය.
සැමියා සමඟ නික්ම ගිය ඇය සැමියා ගේට්ටුව අසල නවතා පොලිම් අතරින් එන්නත්කරණය සිදුකළ කාර්ය මණ්ඩලය අසල නැවතුණාය.
ඇය යමක් කියයි. එයට සවන් දුන් හෙදියක් ඇය වෛද්‍යවරයා වෙත යොමු කළාය.
‘‘සර්, මෙයා එයාගේ මහත්තයාටත් එන්නත් කර ගන්න අහනවා’’
‘‘දැන් ඔයා මහත්තයාත් එක්ක එන්නත් කර ගත්තා නේද’’
‘‘ඔව්, එයාට නෙමෙයි මගේ අනිත් මහත්තයාට.’’ ඒ අනියම් සැමියාට බව වටහා ගත් දොස්තර ඇය ඇමතුවේය.
‘‘ඔයා මෙතැන්ඩ විදින්ඩ ආවේ කාගේ හිතවත් කම් මතද?’’
ඒ අනුව ඇය පැමිණි සෞඛ්‍ය සේවාවේ ඥාතිත්වය කීවාය. අදාළ සෞඛ්‍ය සේවිකාව ද ගෙන්වූවාය.
මේ අතර තම බිරිය පමා ඇයි දැයි සොයා ගේට්ටුව අසල සිටි සිය සැමියාද එහි පැමිණියේය.
සිදුවෙන්න යන කාරණාව වටහා ගත් ඔහු දකුණු අත ඔසවා ඇයගේ කම්මුල දෙසට වැරෙන් පහරක් දුන්නේය.
‘‘අතට එන්නත්කරණයේදීවත් ඔච්චර රිදුනේ නැතිව ඇති නේද ?’’ පෝලිමේ සිටි පිරිස් ඔච්චමට මෙන් අසන්නට වූහ.
ලැජ්ජාවට පත් තරුණ විවාහක කත කම්මුල අල්ලාගෙනම කිසිත් නොකියා රෝහල් වැටෙන් නික්ම යද්දී සැමියාද ඇය පසු පස ගියේය.