(යොහාන් භාසුර)

ලෝක බැංකුවේ ප්‍රතිපාදනවලින් ක්‍රියාත්මක කරමින් සිටි අපදා කළමණාකරණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියක රුපියල් මිලියන 30 ක මුදලක් ‘දිට්ටා’ සුළි කුණාටුවේ ආපදාවලට වන්දි ගෙවීමට එම බැංකුව දුන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද (7) පැවසීය.

එම ව්‍යාපෘතිය මෙම වසරේ දෙසැම්බර් දක්වා ලෝක බැංකුවේ මුදල්වලින් ක්‍රියාත්මක කර ඉන් පසුව ජාතික අයවැයෙන් මුදල්වලින් ලබාගෙන ක්‍රියත්මක කිරීමට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා එහිදී එකඟ වූ බවත් එහිදී මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා දුන්එම පොරොන්දුව මත එය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන බවත් ඒ මහතා කීය.

‘දිට්ටා’ සුළි කුණාටුවේ ආපදාවලට වන්දි ගෙවීමට කොටිකාලින පියවරක් වුවද එම අපදා කළමණාකරණ ව්‍යාපෘතිය දිගුකාලීන ව්‍යාපෘතියක් බව කී ඒ මහතා අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ නම් ඩිජිටල්කරණය හරහා කාලගුණ අනාවැකි සහ තොතුරු මීට වඩා සාර්ථකව ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබෙන බව ද සඳහන් කළේය. මෙය තමන්ගේ අවසාන ‘මොන්සුන් පෝරමය’ වන අතර මෙම මස 15 වැනිදා වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රම යන බවත් සිය සේවා කාලය අවුරුදු 36 මාස 10 ක් වන අතර එම කාලය තුළ තුළ නොයකුත් හැකියාවන්ගෙන් පොහොසත් වී ඇති බවත් සඳහන් කළේය.

විහේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙර පැවැති තත්වයට වඩා වෙනස් තත්වයකට රැගෙනවිත් ඇති බව කී ඒ මහතා මීට පෙර වහිනවා කිව්වොත් පායනවා, පායනවා කිව්වොත් වහිනවා යන මතයක් තිබූ අතර ජනාධිපතිතුමාත් වරක් එය ප්‍රකාශ කළ බව ද සඳහන් කළේය.