(මොරගොල්ලාගම සිසිර කැලේගම)
මඩකළපුව සිට මහව දුම්රිය මංසන්දිය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන් කළ මගියකු නින්දෙන් අවිදි වී තමන් බැසීමට නියමිත දුම්රිය ස්ථානයෙන් බැසීමට නොහැකි වීම නිසා කෑගැසීමෙන් පසු දුම්රිය නතර කළ පුවතක් සියඹලන්ගමුව ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙම දුම්රිය අවුකන හා නෑගම දුම්රිය ස්ථාන පසුකර සියඹලන්ගමුව දුම්රිය ස්ථානය වෙත ඉකුත් 10 වැනිදා පස්වරු 5.30ට පමණ ළඟා වී මගීන්ට බැසීමට හා නැගීමට නවතා තිබුණි.
ඉන් අනතුරුව දුම්රිය එම ස්ථානයෙන් ක්‍රමයෙන් ඉදිරියට ඇදී යන අවස්ථාවේ දී තුන්වැනි මැදිරියේ සිටි පුද්ගලයකු දුම්රියෙන් බැස ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්වෙන අයුරු දුම්රිය ස්ථානයේ පිටත පිරිසක් දැක ඒ බව නියාමක මැදිරියේ සිටි දුම්රිය නියාමකට දැනුම් දීමට පියවර ගත් බව ප්‍රදේශවාසීහු පැවසූහ.
ඒ සමඟම දුම්රිය නියාමකවරයා ධාවනය වූ දුම්රිය නවතා ඇතත් කිසිවකුත් බැස නොමැත. පසුව දුම්රිය නියාමක බිමට බැස එම මැදිරිය වෙත ගොස් අදාළ තැනැත්තාගෙන් ඒ ගැන විමසීමේ දී නින්දෙන් අවදි වී මොරගොල්ලාගම දුම්රිය ස්ථානය යැයි සිතා හෙතෙම කලබලයට පත් වූ බවට කරුණු හෙළි වී තිබේ.
ඒ අනුව මොරගොල්ලාගම දුම්රිය ස්ථානය ඉදිරියේ බව දැනුවත් කරමින් නවතා තිබූ දුම්රිය නැවත ධාවනය කරන්නට දුම්රිය නියාමකවරයා පියවර ගත් බවට ද ප්‍රදේශවාසීහු සඳහන් කළහ.