(බලංගොඩ – වයි.ඵ්.ඵස්. වීරවංශ)
මුහුණු පොත හරහා ප්‍රේම සම්බන්ධයක් ගොඩ නඟාගෙන සිය පෙම්වතිය බැලීමට පැමිණි තරුණයකු සොර කමකට හසුවී පොලිස් අත්අඩංගුවට පත්වූ සිද්ධියක් බලංගොඩින් වාර්තා වේ.
ඔහු දහඅට වියේ පසුවිය. පදිංචිය කුරුණෑගලට නොදුරු ගිරිඋල්ල ප්‍රදේශයේය. මුහුණු පොත හරහා බලංගොඩ ප්‍රදේශයේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගෙන ඇය මුණගැසීමට පසුගිය දිනෙක බලංගොඩ ප්‍රදේශයට පැමිණියේ ඇයගේ ද ඉල්ලීමටය.
කලින් දින පැමිණි ඔහු පෙම්වතියගේ හිතවතකුගේ නිවෙසේ රාත්‍රිය ගත කර පසුදා උදෑසන පෙම්වතිය මුණ ගැසී සතුටු සාමිචියේ යෙදී නික්ම ගියේය. ඉන් අනතුරුව ඔහු ඵ් ආසන්නයේ තිබුණු වෙළඳ සලට ඇතුළු වී කැෂියර් ලාච්චුව ඇර මුදල් ගැනීමට සුදානම් වෙනවාත් සමඟම වෙළෙඳසල් හිමිකරුට එය ඇසී බලද්දී ඔහු ඵ් ආසන්නයේ තිබුණු කැලයට පැන ගොස් සැඟවිය.
ඔහුට මෙලෙස මුදල් සොරකම් කිරීමට සිදු වී ඇත්තේ තමන් ගෙනෙන ලද මුදල් වලින් පෙම්වතියට තෑගි බෝග ගෙන එදින රාත්‍රියේ පෙම්වතියගේ හිතවතා සමග ඉතිරි මුදල් වලින් කා බී සතුටු වීමත් නිසාය.
ගමට යාමට මුදල් නොමැති නිසා මෙලෙස මුදල් සොරකම් කිරීමට පෙළැඹී ඇති බව හෙළිවූයේ කැලයේ සැඟවී සිටි පෙම්වතා පසුව ගම්වාසීන් විසින් අල්ලා බලංගොඩ පොලිසියට බාරදීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලදීය.
මොහුට රැකවරණය දුන් පෙම්වතියගේ හිතවතාද අත්අඩංගුවට ගෙන තිබේ. බලංගොඩ පොලිසියේ ස්ථානාධිපති දමිත් ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායමක් වැඩි දුර විමර්ශන කරති.