(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
වෛද්‍ය පරීක්ෂණයට අපූරු මුත්‍ර සාම්පලයක් ඉදිරිපත් කර අලි අමාරුවක වැටුණු කෙනෙකු පිළිබඳව දකුණෙන් අසන්නට ලැබුණේ මේ ඊයේ පෙරේදාය.
විදෙස් රටකට යාමට පැවති වෛද්‍ය පරීක්ෂණයකි. ඒ සඳහා සහභාගි වූ රැසකි. වෛද්‍ය පරීක්ෂණය අකුරටම පැවැත්වුණි. එහි අඩු පාඩු පැවතියහොත් රට නොව මෙරට සිටීම අනිවාර්යය. ඒ තරමටම ඒ පරීක්ෂණය සැරටම පැවතියේය.
වකුගඩු, සීනි ආදී අසනීප පැවති අයෙක්ද මේ පරීක්ෂණයට සහභාගි වී සිටියේය. ඔහු කෙසේ හෝ මේ පරීක්ෂණය සමත්වී රට යාම සිහිනයක් කරගෙන සිටියේය. ඔහුගේද මුත්‍ර සාම්පලය පරීක්ෂණය සඳහා ලබා දුන්නේය.
මුත්‍ර සාම්පල් පරීක්ෂණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් පිරිස නොඉවසිල්ලෙන් සිටියහ. ඒ අතරතුරදී මුත්‍ර සාම්පල් පරීක්ෂණයට සම්බන්ධව සිටි නිලධාරියෙක් මුත්‍ර සාම්පලයක් උස්සාගෙන ආවේය. එහි අයිතිකරුගේ නම කියා ඔහු කෑගැසීය.
අයිසේ තමුසේ මුත්‍ර කරන්නේ නැත්නම් වතුරද කරන්නේ යයි එම නිලධාරියා ඇසුවේ දෙනෝදාහක් මධ්‍යයේය. කාරණය කාටත් පැහැදිලිය. මුත්‍රා සාම්පලයට වැඩි වශයෙන්ම වතුර කවලම් කොට ඇති බව අවට සිටියවුන්ට දැනගන්නට ලැබෙන විටත් රටයාමේ සිහිනය බොඳකරගෙන ඔහු එතනින් මාරුවී හමාරය.

