බිරිය දරුවා එක්ක ඔට්ටුවෙද්දී සැමියා ප්‍රේම ජාලයක පැටලිලා


(මාවතගම කාන්චනමාලා බණ්ඩාර)                                                                             

නිතර නිතර අන්තර්ජාලයෙන්  හඳුනාගන්නා පෙම්වතියන් සොයා ගොස්  ඔවුන් සමග ප්‍රේම සබඳතා පවත්වන තම සැමියාගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව කියා පොලිසියට ආ කාන්තාවක පිළිබඳ මාවතගමින්   අසන්නට ලැබේ.                                                       
ඇය රජයේ වැදගත් රැකියාවක් කරන ඔහු සමග විවාහවූයේ දහසක් බලාපොරොත්තු තබාගෙනය. වසර තුනක්ම ගෙවී ගියේය. දරුවකුද  ලැබිණි.  තම සැමියා රැකියාව නිමකර  ආ විගස අන්තර්ජාලයෙන්    බොහෝ කාර්යයන් තිබෙන බව පවසමින්  එහිම ගතකරනු ඇයට පෙනිණි.  තම කුඩා දරුවාද සමග මේ ගැන විපරම් කළ ඇයට  දක්නට ලැබුණේ  සැමියා අන්තර්ජාලයෙන් හඳුනාගත්  කිපදෙනකුම ඇසුරු කරන බවය. 


දිනෙන් දින අන්තර්ජාලයෙන් සොයා ගන්නා නව පෙම්වතියන්   හමුවීම, ඔවුන් ඇසුරු කිරීම තම සැමියාගේ විනෝදාංශය බව ඇය තේරුම් ගත්තාය. සැමියාට කොතෙක් අවවාද කළද  ඇයට සවන්දෙන බවක් නොපෙනිණි. සියලු‍ වේදනා දරා සිටි ඇය දරුවාද සමග මාවතගම පොලිසියට පැමිණියේ පෙම්වතියන් සොයා යන තම සැමියා ගෙන්     දික්කසාද වීමට  අවශ්‍ය බව කියා පැමිණිලි කිරීම සඳහාය. 


 මාවතගම පොලිසිය පවුල් අවුල් අංශයෙන් සැමියාට දැඩිඅවවාද කරුණු දක්නට ලැබිණි.