(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ගම්මානයක සිට ප්‍රධාන නගරය දක්වා දිවෙන පෞද්ගලික බස්රථයකි. එහි රියැදුරු අසුන ඉදිරිපිට වම් පැත්තේ වූ ආධාරකයක වටාපතක් රඳවා තිබුණි.
බසයට නැග ගත් හිමිනමක් මේ වටාපත වැනිම වූ හිමිනමකට අයත්ව අමතකව ගිය එකක් වන්නට අතැයි සිතා ඒ සඳහා ප්‍රශ්න නොකළේය.
එහෙත් බසය නගරයට ළංවූ පසු එක් බස් නැවතුමක එය නතර කළ රියැදුරා වහාම වටාපත රැගෙන තමාට පවන් ගසා ගත්තේ බසය තුළ අධික රස්නයක් වූ හෙයිනි.
මෙය දුටු හිමිනමට මඳ කෝපයක් ඇතිවිය.
‘‘ඩ්‍රැයිවර් මහත්තයගෙ පෑන් එක හරි අපූරුයි නෙවැ. කෙහෙන්ද ඕක ගත්තෙ?’’ රියැදුරු පිටුපසට හැරී හිමිනම දැක ‘‘මේක මං සල්ලිවලට ගත්තේ හාමාදුරුවනෙ’’ කීවේ තරමක ලජ්ජාවෙනි.
‘‘සල්ලිවලට ගත්තට ඕක හාමුදුරුවන්ගෙ පාරිභෝගික වස්තුවක්නේ. හුළං ගහන ෆෑන් එකක් නෙවි’’ හිමිනම කීමෙන් ඔහු වටාපත යළි තිබුණ ස්ථානයේම රඳවා වාහනය පදවාගෙන ගියේ තරමක වේගයෙන්ලු.