(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අල්ලපු ගෙදර පුතා නිරෝධායනයට ලක් කර ඇති නිසා ඔහුගේ මව මිදුල අතුගෑමෙන් වළක්වන්නැයි ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට දුරකථන ඇමතුමකු ලබාදුන් අසල්වැසියකු පිළිබඳව පෙරේදා 9 වැනිදා උදේ මීරිගමට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
කොරෝනා ආසාදිතයකුගේ සමීපතයකුවීම නිසා මෙම නිවසේ පුත්‍රයාට නිරෝධායනයට ලක්වන ලෙසට උපදෙස් දී ඇත. ඒ අනුව පුතා නිවෙස් සිය කාමරයේ නිරෝධායනය වෙමින් සිට ඇත.
මේ අතර පෙරේදා 9 වැනිදා උදේ එම පුත්‍රයාගේ මව නිවෙසේ මිදුල අතුගාමින් සිටියාය. ඒ දුටු අසල්වැසියකු වහාම මහජන සෞඛ්‍ය මහජන පරීක්ෂකවරයාට ඇමතුමක් ලබාදී මවගේ මිදුල අතුගෑම නවත්වා ගෙතුළට යාමට උපදෙස් දෙන ලෙසට ඉල්ලීමක් කර ඇත.
මවගේ මිදුල අතුගෑමෙන් කිසිවකුට හෝ කරදරයක් හිරිහැරයක් මෙන්ම තර්ජනයක් නොවන බව පැහැදිලි කරදීමට මහජන සෞඛ්‍ය පරීෂකවරයාට සෑහෙන වේලාවක් ගතවූයේ මේ ආරක්ෂාව මීට කලින් පවත්වාගෙන ගියානම් මේ අකාරයට වසංගත තත්ත්වය දුරදිග නොයන බවද සඳහන් කරමිනි.