(දොඩම්ගොඩ - සුනිල් බද්දෙවිතාන)
කොරෝනා රෝගයට බියෙන් කල්ගෙවූ කාන්තාවක මාළු ග්‍රෑම් 500ක් මිලට ගෙන රුපියල් පන්දහසේ ඉතිරි මුදල නිවස අසල ගලක් යට සඟවා තිබියදී අතුරුදන්වීමේ පුවතක් දොඩම්ගොඩ ගම්මානයෙන් අසන්නට ලැබේ.
සිද්ධිය මෙසේය.
ඇය විශ්‍රාමික රජයේ සේවිකාවකි. කොරෝනා වැළඳේ යයි බියෙන් නිතරම නිවසේ දොර ජනෙල් ද අගුලු දමාගෙන සිටියි.
පසුගිය දිනෙක නිවස අසලට පැමිණි වෙළෙන්දෙකුගෙන් මාළු මිලට ගත් ඇය රුපියල් පන්දහසේ ඉතිරි මුදල් නිවස අසල ගලක් යට තබාගියේ නෝට්ටු අතපතගෑමට ඇති බිය නිසාය.
ඒවා තබා පැය 24කට පසුව විෂබීජහරණය වී ඇතැයි විශ්වාසයෙන් මුදල ගැනීමට ගල අසලට ගිය ඇයට දැකගත හැකි වී ඇත්තේ මුදල් නෝට්ටු අතුරුදන්ව තිබෙන අයුරුය.